අසාත් සාලි හෙට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමට

Picture of අසංක

අසංක

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෙට දිනයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.

මීට පෙර ඒ මහතා එම කොමිසමේ විමර්ශන ඒකකය වෙත දින දෙකක් ප්‍රකාශ ලබා දී තිබුණි.

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ විමර්ශන වලට අසාත් සාලි මහතා බලපෑම් කළ බව ට එවකට කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා චෝදනා කර තිබුණි.