අසාද් සාලි අද පාස්කු විමර්ශනය ඒකකයට

Picture of අසංක

අසංක

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ අද පෙනී සිටීමට නියමිතය.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කරුණු විමසීමට ඔහු අද කැඳවා තිබේ.

මෙහිදී මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසියට බලපැම් කිරීම ගැන ද ප්‍රශ්න කිරීමට නියමිතය.