ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයමින් ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලකර සිටී
එසේ කිරීම තුළින් ජනතාවට සිය විශ්වාසවලට අනුකූලව ඔවුන්ගේ ආදරණීයන්ට නිසි පරිදි සමුදීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර සිටී .
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
‘කොවිඩ්-19’ ඛේදවාචකය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
එම ට්විටර් පණිවුඩය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය සැලකිල්ල සහ මහත් ඕනෑකම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රජාවල සම්ප්‍රදායවලට ගරැ කරන්නැයි බල කර සිටින බවත් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ‘කොවිඩ්-19’ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කළ හැකි බව ද එම සංවිධානයේ මාර්ගෝපදේශ උපුටා දක්වමින් තානාපතිනිය තවදුරටත් සඳහන් කර ඇත.
.