“ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ජනපතිගෙ නම නෑ” – කිරිඇල්ල

Picture of අසංක

අසංක

විශ්වාසභංගය තුළ අගමැතිවරයා ඇතුළු සෙසු නාම සඳහන්ව තිබුණ ද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයකු ලෙස ආරක්ෂක අමාත්‍යවරයාගේ නම නැතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදයේදී හෙතෙම මේ බව අවධාරණය කර සිටියි.

එහි අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය,මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන්ව තිබුණද ආරක්ෂක අමාත්‍යවරයා ලෙස් ජනාධිපතිවරයා වෙත කිසිදු දෝෂාරෝපණයක් කර නැතැයි හෙතෙම කියාසිටියි.

එබැවින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංගය ෂේප් න්‍යායෙන් ගෙන ආ එකක් බව හෙතෙම කියාසිටියි.

මෙය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂයට මඩගැසීම සඳහා ගෙන ආ එකක් පමණක් බව ඔහු පවසයි.