නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු මුලික ගෙවීම රුපියල් 5500 කින් පහල දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව එම මූලික ගෙවීම රුපියල් 2500 ක් දක්වා අඩුවනු ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාඅද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
මීට පෙර ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මුලික මුදල රුපියල් 8000 ක් ලෙස පැවතියේ ය.