නවතම පුවත්

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි

මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී යයි.

එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7%ක අගයෙන් 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇත. වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ග කර තිබෙන අතර, එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන්ගුණයකින් ඉහළ ය. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර, එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%කි. 2024 පෙබරවාරි මාසයේ එසේ සිතූයේ 9%ක පිරිසක් පමණි.

2024 ජූලි මාසයේ දැනගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ ද, වේ. 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජූනි මාසයේ ය.

මෙම කරුණු සංසන්දනාත්මකව පහත විස්තර කර ඇත.

  1. ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය | 24% |

“වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැද්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු දුන් 24% ක් කියා සිටියේ, ඔවුන් එය අනුමත කරන බවයි (ආන්තික දෝෂය ± 2.73% සහිතව). මෙය, 2023 ජූනි මාසයේ ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බවට ලැබී තිබූ 21%ක ප්‍රතිශතයට වඩා ඉහළ ය.

  1. ආර්ථික තත්ත්වය ගැන අදහස | හො හෝ විශිෂ්ට: 28% |

“අද රටේ ආර්ථික තත්වය විශිෂ්ට, හොඳ හෝ දුර්වල යනාදී මට්ටම් අතුරින් කුමන මට්ටමක පවතී ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්නැයි” පැවසූ විට, 28% ක් අදහස් දැක්වූයේ ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවයි. (ආන්තික දෝෂය ± 2.87% සහිතව) මෙය, 2023 ජූනි මාසයේ පැවති තත්ත්වය හා සමාන වන අතර, එදා මෙම ප්‍රතිශතය 27%ක් විය.

  1. ආර්ථිකයේ ඉදිරි දැක්ම | හොඳ අතට හැරෙමින් පවතී: 30% |

“සමස්තයක් ලෙස රටේ ආර්ථික තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හොඳ අතට ද? නැතිනම් නරක අතට ද? යැන පැනයට, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30% ක් විශ්වාස කළේ රටේ ආර්ථිකය වඩාත් හොඳ අතට හැරෙමින් පවතින බවයි. (ආන්තික දෝෂය ± 2.91% සහිතව). මෙයද, මෙම ප්‍රතිශතය 29%ක් වූ 2023 ජූනි මාසයේ පැවති තත්ත්වය හා සමාන ය.

ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම

වසරකට කිහිප වතාවක් සිදුකරන ‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසකි. දත්ත එකතු කිරීම සඳහා සහාය ලබාදුන්නේ Vanguard Survey (Pvt) Ltd ආයතනය යි. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.

මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,038 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2024 ජුනි 28 සිට ජූලි 06 දක්වා කාලය තුළ සිදු කර ඇත.

සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.04% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!