ආණ්ඩුව පෙරලුණගමන් 19ට කරන දේ ජි.එල් කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නව රජයේ ප්‍රමුඛ අරමුණ 19 වන ආණ්ඩුක්‍රම වයාවස්තාව සංශෝධනය කිරීම බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අද බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

“19 ආණ්ඩුක්‍රම වයවස්තා සංශෝධනයේ සාධනීය ලෙස වෙනස් කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්, එහිදී වයවස්තා සභාවේ පවතින දුර්වලතා අවම කිරීමටත් අපේ අවදානය යොමුවෙලා තියෙනවා.” යැයිද මහාචාර්යවරයා පැවසීය.

වයවස්තා සභාවට සිවිල් සංවිධාන නියෝජිතයන් පත කෙරෙන ක්‍රමවේදයද වෙනස් වියයුතු බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මෙම වෙනස්කම් වල අවසන් සංයුතිය පිළිබඳ නිසියාකාරව පැහැදිලි කිරීමට මහාචාර්යවරයා එහිදී අසමත් වීමද විශේෂත්වයකි.