ආදී මානවයාගේ ඇඳුම් නිර්මාණය ගැන පැරණිතම සාක්‍ෂියක් ලංකාවෙන්

Picture of අසංක

අසංක

 

ආදී මානවයා ඇඳුම් නිර්මාණය කල බවට වන ලොව පැරණිතම සාක්‍ෂි කිහිපයක් , මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇත .

ජාත්‍යන්තර පර්යේෂකයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙන ආශ‍්‍රිතව සිදුකර ඇති සුවිශේෂී පර්යේෂණයෙන් මෙම තොරතුරද අනාවරණය වී ඇත .

අප‍්‍රිකාවෙන් පිටතදී ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂියද හමුවන්නේ ශ්‍රී ලංකාවෙන් වන බවට මෙම පර්යේෂණය හරහා පසුගියදා අනාවරණය කෙරින .

ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද මෙම පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වෙමින් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආදී මානවයින් , මැසි මදුරුවන්ගෙන් බේරීම සඳහා මෙසේ මේ ඇඳුම් නිර්මාණය කරගන්නට ඇතැයි අනුමාන කල හැකි බවත් මෙම ජාත්‍යන්තර පර්යේෂණයට එක්වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, මහතා අප වෙබ් අඩවියට පැවසීය වෙත පැවසීය .

මෙරට වෙරළබඩ කලාපයේ ජීවත් වූ ආදි මානවයින් හා තෙත් කලාපයේ ජීවත් වූ ආදි මානවයින් අතර පැවති සහසබදතා පිළිබද තොරතුරුද මෙම ගවේෂණයේදී හෙළි වූ බව ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, මෙහිදී පැවසීය .

මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද හමුවූ සාක්ෂි අභිබවා යාමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කල මෙම සොයා ගැනීම සැලකෙන බව මෙම පර්යේෂණයට එක් වූ ඕස්ටේ‍්‍රලියාවේ පුරාවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.

ශී‍්‍ර ලංකාවෙන් හමුවූ අස්ථි මීට වසර 32,000ක අතීතයක් හිමි අග්නිදිග ආසියාවේ අස්ථි කොටස් වලට වඩා අතීතයකට උරුමකම් කියන බවද ඔහු පවසා ඇත.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, මහතාද ඇතුළු මෙම ජාත්‍යන්තර පර්යේෂකයින් සිදුකරන මෙම සුවිශේෂී පර්යේෂණය පිළිබඳව මුල් වරට සිංහල මාධ්‍යයක තොරතුරු වාර්තාකරන ලද්දේද අපගේ වෙබ් අඩවිය විසිනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය . එම පුවත වෙත යන දිගුව පහත දැක්වේ.

https://thecolomboexpress.com/16351?fbclid=IwAR3YEz74XkN9OmCM8SBaWiNfVU9PfujvbHWB1zf563DpBpLetW5Cge1Rs0Q