ආනයන වියදම තවදුරටත් පහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේ ආනයන වියදම සියයට 25කින් අඩු කරගැනීමට හැකි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ යටතේ නියමයන් ඇතුළු පනත් කිහිපයක් යටතේ පනවන ලද නියමයන් කිහිපයක් පිළිබද අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.