නවතම පුවත්

ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කරයි.

ඒ අනුව ආයෝජන අනුමැතිය වේගවත් කිරිමේ ක්‍රියාවලිය සදහා විශේෂ කමිටු දෙකක් ක්‍රියාත්මකයි. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති පරික්ෂණ කමිටුව හා ඉඩම් වෙන් කිරීමේ කමිටුව එම කමිටු දෙකයි.

ව්‍යාපෘති නිරීක්ෂණ කමිටුව මගින් සියලුම ආයෝජන අයදුම්පත් වලට ඊට සම්බන්ධ මණ්ඩලයේ ක්‍රියාකාරී දෙපාර්තමේන්තු සමග එක්ව කඩිනම් අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත. ඉඩම් වෙන් කිරීමේ කමිටුව මගින් තාක්ෂණික හා මුල්‍ය නිර්ණායකයන්ට අනුකූලව ආයෝජන මණ්ඩල ඉඩම් ඇගයීමකට ලක් කර ඉඩම් නිසි ලෙස පවරා දීම සිදු කරනු ලබයි.

මීට අමතරව මාර්ගගත (Online) ආයෝජන පහසුකම් සැපයීමේ ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. කිසියම් ආයෝජනයක් සදහා අවසර ලබාගැනීමේ දී ආයතන ගණනාවකින් අනුමත කිරීම හා බලපත්‍ර ලබා ගැනීමට ආයෝජකයන්ට සිදු වේ. එලෙස අනුමත කිරීම් හා බලපත්‍ර ලබාගැනීමට සිදුවන ආයතන සංඛ්‍යාව 24 කි. මෙම ආයතන අතර පවතින සම්බන්ධිකරණයේ අඩුපාඩු හේතුවෙන් ආයෝජන අනුමත කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවන බව තමන්ට නිරීක්ෂණය වුයේ යැයි ඇමතිවරයා පැවසීය.

මෙම තත්ත්වය වැලැක්වීම සදහා තනි කවුළු ආයෝජන පහසු කිරීමේ කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබේ. ඒ අනුව එම බලකාය මගින් අතථ්‍ය වෙබ් වේදිකාවක් (Virtual Web Portal) මගින් නියමිත කාල සීමාවක් තුළ අදාළ ආයතන වල අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සිදු කර ගැනීමට මැදිහත් වන බව ද ඇමතිවරයා පැවසීය.

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආනයන අපනයන පහසුකම් වැඩි දියුණු කිරිම සදහා ද පියවර ගෙන තිබේ. එමෙන්ම ආයෝජකයන් සහ විදේශිය කාර්යය මණ්ඩල සදහා වීසා නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා වීසා බලපත්‍ර අයදුම් කිරිමට ආයෝජන මණ්ඩලයේ මාර්ගගත (Online) වීසා ක්‍රමය ද ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සදහා “ඉදිරිපස කාර්යාලය (Front Office Desk)”පිහිටුවා ඇත. මෙරට ආයෝජනයට අපේක්ෂා කරන ආයෝජකයන්ගේ යෝජනා භාර ගැනීම, මෙම කාර්යාලය විසින් සිදු කරනු ලබන අතර ඊට අදාළ ආයෝජන මණ්ඩල පිරි සැකසීමේ කටයුතු පසුපස කාර්යාල විසින් සිදු කරනු ලැබේ. මෙරටට පැමිණෙන සියලු ආයෝජන සම්බන්ධයෙන් ස්වාධින හා විනිවිදභාවයෙන් යුතු ඇගයීමක් සිදු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!