ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට රජය පියවර ගන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහලා නැංවීමට සිදුවන බව බස් සංගම් රැසක් අවධාරණය කර සිටී.
ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම නීතියක් ලෙස පැනවුවහොත් බස් කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බවද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය හා අන්තර් පළාත් බස් සංගමය සඳහන් කර ඇත.
එහිදී බස් රථයක් සඳහා වැයවන වියදම පියවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙන බවත් ගාස්තු ඉහල නැංවීමකින් තොරව එයට විසදුමක් නොලැබෙන බවද එම සංගම් සඳහන් කර සිටී.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කර සිටින්නේ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවට සංකල්පයක් ලෙස එකඟ වන නමුත් . එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් විකල්ප ගාස්තු ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවයි