ආසියාවේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන් ෆෝරම්-2021 ආයෝජන සමුළුව අති සාර්ථකව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.
ලොව රටවල් 80 කට අධික ආයෝජකයන්, නියෝජිතයන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ.
මෙම මස 7-9 දක්වා සම්පූර්ණ මාර්ගගත ( OnLine) ක්‍රමය යටතේ සමුළුව පැවැත්වෙනු ඇත.
ඊයේ (08) දහවල් වන විට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත.
එහිදී විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇත.
අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇත.
මෙවැනි සමුළුවක් තුලින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවද මොහොට්ටාල මහතා පවසයි.