ආහාර අග හිඟතා ඇති පවුල්වලට විශේෂ සහනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් දරුවෙකු, පුද්ගලයෙකු හෝ පවුලක් එවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් මේ වන විටත් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මකයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. 011 43 54 647 හෝ 011 43 54 354 අංක අමතා එම ඒකකය හා සම්බන්ධවී තොරතුරු ලබාදිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සාමාජිකයින් පස් දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන අය සිටින පවුල්, අවුරුදු 5 ට අඩු ළමයි සිටින දුගී පවුල් ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්නායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනය නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණපා සිටින පවුල් ද ඊට අයත්.