ආහාර-නොවන භාණ්ඩවල උද්ධමනය ඉහළට

Picture of අසංක

අසංක

මේ මාසය තුළ මෙරට ආහාරවල උද්ධමනය ගෙවුණු ජනවාරි මාසයට වඩා පහළ ගොස් ඇති නමුත් ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය ඉහළ ගොස් තිබේ.

පෙබරවාරි මාසයේ ආහාර උද්ධමනය වාර්තා වී ඇත්තේ 54.4%ක් ලෙසයි. එය පසුගිය මාසයේ පැවතියේ 60.0%ක් ලෙස ය.

ආහාර නොවන භාණ්වල මිල පෙබරවාරි මාසයේදී 48.8%ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ජනවාරි මාසයේ පැවති 47.9%ක උද්ධමන අගය අභිබවා යමිනි.

නිවාස, ජලය, විදුලිය, ගෑස් උද්ධමන අගය පෙබරවාරියේ 24.3%ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එය ජනවාරියේදී 20.7%ක අගයක පැවතිණ.

මේ මාසයේදී ප්‍රවාහන උද්ධමන අගය 92.7%ක් ලෙස පහත බැස ඇත්තේ ජනවාරියේ දී පැවති 94.5%ක අගයයි.