මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් තමාගේ කිසිදු අවසරයකින් තොරව තම සේයාරුව ප්‍රචාරණය සඳහා භාවිත කරන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු කාර්‍යාලය පවසන්නේ ඔවුන් මෙලෙස භාවිත කර ඇත්තේ අගරදගුරුතුමා සමග පෙරදී ගත් ඡායාරූප බවයි.
තමා හෝ ට්ගම අගරදගුරු පදවිය කිසිදු පක්ෂ දේශපාලනයක් වෙනුවෙන් පෙනී නොසිටින බව හෙතෙම අවධාරණය කර සිටී.