ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල සේවකයන් ගම්බිම් කරා පිටත් කරන්න එපා – පොලිසිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

එම කර්මාන්ත ශාලාවන්හි කළමනාකාරිත්වය එම සේවක/සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍ර දේශවලට පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.