ඇදිරි නීතියෙන් හිරවුණු අයට ගංගාරාමයෙන් වියළි ආහාර

Picture of අසංක

අසංක

 

ධර්ම ශ්‍රි තිලකවර්ධන

ඇදිරි නීතිය නිසා ගම්බිම්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිටින පිරිස් හදුනාගෙන එම පිරිස්වලට වියළි ආහාර ලබාදිමේ වැඩ පි⁣ළිවෙළක් කොළඹ හුණුපිට්ය ගංගාරාමය විසින් අරඹා ඇත.

ගංගාරාමාධිපති ගලබඩ ඤාණිස්සර නාහිමිගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමිගේ මුලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර රෝෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹු මෙම අවස්ථාවට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.