ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Picture of අසංක

අසංක

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා (09) සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති අතර එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වනවිට නිකුත් කර ඇත.

මෙම උපදෙස් මාලාව ක්ෂේත්‍ර 55 කට අදාලව නිකුත් කර තිබෙ.
හෙද, ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝගිතා සේවා, රජයේ කාර්යාල, පෞද්ගලික සේවා, සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන හා බැංකු, රෙදිපිළි වෙළෙඳසල්, කෘෂිකර්මාන්තය, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දන්, ජංගම වෙළෙන්දන්, ඇතුළු ක්ෂේත්‍ර 55 ක් සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත .

ඇඳිරි නීතිය ඉවත් කළද ඉදිකිරීම් ස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇත.

සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර ඇති අතර මීටර් 1.5 ක දුරස්ථභාවයක් පවත්වා ගැනීම අනිවාර්ය වන අතර අනෙකුත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.