ඇමතිවරු කිහිපදෙනෙක් ගැන බරපතළ නිර්දේශ ඇති පාස්කු වාර්තාව මැතිසබයට

Picture of අසංක

අසංක


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම වාර්තාව තුල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටම එරෙහි ප්‍රබල නිර්දේශ කිහිපයක් අඩංගු බවට තොරතුරු වාර්තාවන අතර ඒ හේතුවෙන් අද දින පාර්ලිමේන්තුව තුලද මෙම වාර්තාව සම්භන්ධව යම් ආන්දෝලනයක් මතුවීමට ඉඩ ඇත.

මෙම වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.