ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින ගැනේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනුනි .

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත .

පාර්ලිමේන්තු සතිය අද (06) දිනයෙන් ආරම්භ කෙරේ.