රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර භාවිතය සීමා කිරීම, නිල රථ හිමි අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා මාසිකව ගිම්වන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවීම ඇතුළු විදුලිය හා ඉන්ධන භාවිතය සීමා කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් එය නිකුත් කර ඇත.
රාජ්‍ය ආයතන සතුව දැනට ධාවන තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව 75,000කට අධික ය. දිනකට එක් වාහනයකින් එක් ඉන්ධන ලීටරයක් ඉතිරි කර ගතහොත් සියලුම වාහනවලින් ඳිනකට ඉන්ධන ලීටර 75,000ක් පමණ ඉතිරි කර ගත හැකි ය. වාර්ෂිකව ඉන්ධන ලීටර් 27,375,000 ( ලීටර් මිලියන 27) පමණ ඉතිරි කර ගත හැකි ය. මේ පිළිබඳව සියලුම නිලධාරීන් හා රියදුරන් නැවත දැනුම්වත් කර සුදුසු වැඩ පිළිවෙලක් යෙදීම ද ඊට ඇතුළත් ය.
එම චක්‍රලේඛය පහත දැක්වේ.