ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

Picture of අසංක

අසංක

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු පිළිගනු ලැබුවේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසිනි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහයි.

ඊයේ ඉන්දියාවට ගිය ඔහු හෙට මාලදිවයින් සංචාරය කිරීමට නියමිතයි.