ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබේ.
දත්තවලට අනුව අද (09දා) අලුයම වනවිට එම අගය පැවතුණේ 3,051,427ක් ලෙසිනි.
එමෙන්ම වෛරසය ආශ්‍රිතව එරට සිදුව තිබූ මරණ සංඛ්‍යාව 132,256ක් දක්වා ඉහළ ගොස් ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතයන්ගෙන් ලක්ෂ 11ක් පමණ මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද එම දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.