අද දිනයේ නිකුත් වූ නවතම දත්තවලට අනුව මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ තුල නව කොරෝනා වෛරසය ආසාදිතයන් 153,845 ක් මියගොස් තිබේ.
කොවිඩ්-19 වෛරස ආශ්‍රිතව එක්සත් ජනපදයේ ප්‍රථම මරණය පෙබරවාරි 29 වැනි දින වාර්තා විය.
ඉන් දින 54 කට පසු අපේ‍්‍රල් 23 වැනි දින රට පුරා 50,000ක් මිය ගියේය.
තව දින 34කට පසු මැයි 27 වැනි දින ඇමෙරිකාව මරණ 100,000ක් පසුකර ගියේය.
මෙසේ මරණ 150,000 සීමාව කරා ළඟා වීමට සඳහා තවත් මරණ 50,000ක් එකතු කිරීමට දින 63ක් ගතවී ඇත.