ඇමරිකාවේ මේ දිනවල ඇතිවී තිබෙන විරෝධතා හේතුවෙන් ලොව ප්‍රසිද්ධ වෝල්මාර්ට් සුපිරි වෙළෙඳ සැල්වල අලෙවියට තබා තිබූ ගිනි අවි සහ පතොරම් ඉවත් කර තිබේ. 46 හැවිරිදි කළු ජාතිකයෙකු වන නිරායුධ ෆ්ලොයිඩ් පසුගිය සතියේ මිනසෝටා හි මින්නෙපොලිස්හිදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මිය ගියේය.
එහිදී ෆ්ලොයිඩ්ට සාධාරණය ඉටු කරන ලෙසත්, පොලිස් කෘරත්වය අවසන් කරන ලෙසත් ඉල්ලා එක්සත් ජනපදය පුරා විරෝධතා පැනනැගුනි. එහිදී ප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත. මෙහිදී විරෝධතාකරුවන් අතට ගිනි අවි සහ පතොරම් යෑම වැළැක්වීම ප්‍රධාන වී තිබේ.
“දඩයම් සඳහා වෙඩි තැබීමේ ක්‍රීඩා සඳහා ගිනි අවි අලෙවි කරන වගකිව යුතු ආයතනයක් ලෙස අපේ සමහර අලෙවි සැල්වල ගිනි අවි සහ පතොරම් ඉවත් කිරීමට අප කටයුතු කළා. මෙය තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඒවා වැරදි පුද්ගලයන් අතට පත්විය හැකි නිසයි.” යැයි වෝල්මාර්ට් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
ඇමෙරිකාවේ නිව්යෝක්, වොෂිංටන් ඇතුළු ප්‍රධාන නගරද ඉල්ල කරගෙන පැවැත්වෙන උද්ඝෝෂණ නිසා සමස්ත ඇමෙරිකානු පරිපාලනයම විවේචනයට ලක්වෙමින් ඇති අතර, කොරෝනා හමුවේ අරාජික වෙමින් තිබූ ලෝක බලවතා, උද්ඝෝෂණ රැල්ල හමුවේ තවදුරටත් අරාජික වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.