ඇමෙරිකාවත් එක්ක ආණ්ඩුව ගහන MCC ගිවිසුමට කාදිනල් හිමි ජනමත විචාරණයක් ඉල්ලයි

Picture of අසංක

අසංක

ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමත විචාරණයක් පවත්වන ‌ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපා‌‌ණෝ පවසති.

මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් ‌හෙතෙම ‌පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුවෙන් ‌හෝ අනුමැතිය ‌නොලද මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී විවාද ‌කොට පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටින්නේ රටේ ඉඩම් සම්බන්ධයෙන් ‌මෙන්ම රටේ අනාගතය පිළිබද බරපතළ තීරණයක් ‌වන ‌මේ සදහා සියලුම පාර්ශ්ව දැනුවත් විය යුතු බව ද ‌පෙන්වා ‌දෙමිනි.