අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී .
ඒ අනුව තානාපතිවරයා ඇතුළු එම තානාපති කාර්ය මණ්ඩලයේ පිරිස මේවන විට ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.
තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වීමත් සමග තානාපති කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබූ අතර වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.