පැතුම් වික්‍රමරත්න
2008 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 12 ක කාලය තුළ ඇමර්සන් වනාන්තරයෙන් වාර්තා වූ ඉහළම වන විනාශය මේ වසරේදී වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදේ .
2019 වසරේ අගෝස්තු මස සිට 2020 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝ මීටර් 11,088 ක භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවද එම වාර්තා සඳහන් කර ඇත එය, පෙර වසරට වඩා සියයට 9 යි දශම පහකට වැඩි වන විනාශයකි .
ජයිර් බොල්සොනාරෝ බ‍්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් බලයට පත් වූ 2019 වසරේ ජනවාරි මාසයේ සිට ඇමර්සන් වනාන්තරයේ වන විනාශය සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට පරිසර විද්‍යාඥයින් චෝදනා කරන අතර . ඇමර්සන් වනාන්තරයේ සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැණීමේ කි‍්‍රයාවලීන් බ‍්‍රසීල ජනාධිපතිවරයා විසින් දිරි ගන්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .