හංවැල්ල ඇඹුල්ගම ප්රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කොට තවත් අයකුට කැපුම් තුවාල කළ සිද්ධියේ තවත් සැකකරුවකු වනාගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන නීතිය බලගැන්වීමේ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාසයේ 15 වැනිදා ඝාතනය සිදුවිය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.