ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට සාමකාමී අන්දමින් පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී.
මැතිවරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලිම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඇල්පිටිය ප්‍රදේශයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .
චන්දය භාවිතා කිරීමද යහපත් මට්ටමක පවතින බවත් මේ වනවිට සියයට 45ක පමණ ප්‍රතිශතයක් ජන්දය භාවිතා කර ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය