ඇල්ල ප්‍රදේශයේ උස් කදු මුදුන් කිහිපයක අද පස්වරුවේ සිට පැය ගණනක් තිස්සේ ගින්නක් පැතිර යයි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසන්නේ ගින්න පිළිබද ඇල්ල පොලීසිය දැනුවත් කොට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
එම ගින්න පැතිර යන්නේ වනජීවි නිලධාරීන් භාරයේ පවතින කිසිවකුට ප්‍රවේශ විය නොහැකි උස් කදු මුදුන්වල බැවින් ජනතාවට හානියක් නොවන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.