ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වාගන්න උත්සාහය තවම අත්හැර නැහැ – ලලිත් වීරතුංග

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සදහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගෙන්වා ගැනීමේ උත්සාහය රජය කිසිසේත්  අත්හැර නොමැති බව කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග මහතා අවධාරණය කර සිටී .

ඒ අනුව ඒ සම්භන්ධයෙන් මේ වනවිටත් රටවල් ගණනාවක් සමග සාකච්ජා කරමින් සිටින බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

විශේෂයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත අතිරික්තයක් ලෙස පවතින රටවල් සමගද මෙහිදී  සාකච්ජා ආරම්භ කර ඇති බව ඒ මහතා පැවසීය .

එන්නත ලබාදුන් සීරම් ආයතනයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ශ්‍රී ලංකාවට ලබාදීමට එන්නත් නොමැති වීම , මතුව  ඇති ගැටලුවට ප්‍රධානම හේතුව බවද ඔහු පැවසීය .

කෙසේවෙතත් එන්නත් ලබාගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකාව සතු බවත් , ඒ මහතා පැවසීය