ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් දෙකක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර තිබේ.
ඒ අනුව කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට ෆයිසර් හෝ මෝඩර්නා COVID-19 එන්නත් මාත්‍රාවන් දෙවන මාත්‍රාව ලෙස ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇත.