ඇස්ට්‍රාසෙනෙකා  දෙවන මාත්‍රාව නැත්නම් මික්ස් ඇන්ඩ් මැච්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට පුද්ගලයින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී .
එම එන්නත ලබාගැනීම සඳහා රටවල් රැසක් සමග මෙරට රජය සාකච්ජා ආරම්භ කර ඇති බවත් , එම සාකච්ජා හරහා අසට්‍රසේනිකා එන්නතේ අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය  මෙරටට ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස  කරන බවත් ඒ මහතා පැවසීය .
එසේම එය සිදුකිරීමට නොහැකි වුවත් , අසට්‍රසේනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදුන් කෙනෙකුට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය හැකි බව ලොව පුරා විශේෂඥයින් මේ වනවිට පෙන්වාදී ඇති බවත්  ගම්මන්පිල මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව එම මික්ස් ඇන්ඩ් මැච් ක්‍රමය යටතේද ,  කොවිඩ් දෙවන මාත්‍රාව ලබාදීමට හැකියාව ඇති බවත් ඔහු පැවසීය .