නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව අරන් මාස 10ක් හිටියත් වැඩිය හොඳයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාවෙන් සති 45ක කාලයකට පසු දෙවන හෝ තෙවන මාත්‍රාවන් ලබාදීම මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි දියුණු කරන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ කළ  නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

දෙවන මාත්‍රාවෙන් මාස 6 කට වඩා වැඩි කාලයකට පසුව තුන්වන මාත්‍රාව ලබාදුනහොත් ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු වන බව ද එමගින් අනාවරණය වී ඇත.

එමෙන්ම එමගින් SARS-CoV-2 වයිරස ප්‍රභේදවලට එරෙහිව ද ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට ප්‍රබල තල්ලුවක් ලබා දෙන බව තහවුරු වී තිබේ.

COVID-19 එන්නත් සැපයුම් හිඟයත් සමහර රටවල එන්නත් ලබා ගැනීමේ හැකියාව සීමිත වීමත් නිසා පළමු හා දෙවන මාත්‍රාව අතර පරතරය දීර්ඝ වන බැවින් ප්‍රතිශක්තීකරණ ප්‍රතිශක්තිය පිළිබඳව විශේෂඥයන් නිරන්තරයෙන් සැලකිලිමත් වේ. එම නිසා ඒ පිළිබද යළි යළිත් පර්යේෂණවල නියැලීම සිදුවන්නකි.

මෙම අධ්‍යයනයට සහභාගිවන්නන්ගේ පළමු හා දෙවන මාත්‍රා අතර සති 45 ක් දක්වා ප්‍රමාදයක් සිදුකර එහි ප්‍රතිඵල පරීක්ෂා කිරීමේදී, ප්‍රතිඵල මගින් දක්නට ලැබී ඇත්තේ ප්‍රමාද වූ දෙවන මාත්‍රාවෙන් පසුව ප්‍රතිදේහ මට්ටම් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි වී ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත පිළිබඳ අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශක, ළමා රෝග හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් පවසන්නේ පළමු මාත්‍රාවට වඩා මාස 10කින් පසු දෙවන මාත්‍රාව ගත්තත් විශිෂ්ට ලෙස ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රතිචාර දක්වන බවය. එලෙස ගත් විට එන්නතෙහි අතුරු ආබාධ ද අවම බව මෙහිදී සොයා ගන්නා ලදී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!