ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාවත් දොර අරී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාව ද අනුමැතිය ලබාදී ඇත

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි දෙවන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත දක්වා ඇත. මේ වන විට ඔවුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත භාවිතා කරමින් සිටි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම එළඹෙන 22 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර එන්නත් මාත්‍රා 53.8ක් ලබා ගනීම සඳහා ගිවිසුම් ගත වී සිටින අතර මාත්‍රා මිලියන 50ක් ඕස්ට්‍රේලියාව තුළම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ වන විටත් එරට මිලියන 26ක් පමණ වන ජනතාව වෙනුවෙන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත මාත්‍රා මිලියන 20ක් ලබා ගෙන ඇති බව සඳහන්වේ .