ඉඩම් වංචාවට සංගක්කාරගේ සම්බන්ධයක් නැහැ – ඉඩම් කොමසාරිස්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වංචා සහගත ලේඛන ඉදිරිපත් කරමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක විසින් ඉඩම් අක්කර 02 ක් අත්පත් කරගත් බවට සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය පුවත අසත්‍ය තොරතුරු මත පදනම් වූවක්බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී. කීර්ති ගමගේ අවධාරණය කර සිටී
. අදාල වංචනික ගනුදෙනුවට මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ කිසිදු සබඳතාවයක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගමගේ මහතා සඳහන් කර ඇත

මෙම ඉඩම වංචා සහගත ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළේ හිටපු ක්‍රීඩක සංගක්කාර සහ ඔහුගේ බිරිඳ විසින් බවත්, වංචාවේ සුළමුළ අනාවරණය කරගත හැකි වූයේ ඔවුන් දෙදෙනා නිසා බවත් කීර්ති ගමගේ මහතා මෙහිදී සඳහන් කර ඇත

අදාල ඉඩම සංගක්කාර සහ ඔහුගේ බිරිඳ විසින් මිලදී ගැනීමට යාමේදී ඉදිරිපත් කළ ලේඛන පිළිබඳ සැක සිතීම නිසා ඔවුන් බළධාරීන්ට පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

සංගක්කාර මහතා මෙම ඉඩම මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ වංචා සහගත ලෙස අදාල ඉඩම හිමිකරුවන් විසින් ලබා ගැනීමෙන් පසුව බවත්, එසේ වංචා සහගත ලෙස ඉඩම ලබා ගැනීම සහ සංගක්කාර අදාල ඉඩම මිලදී ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පැහැදිලි කර ඇත