ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙරටදී නිරෝධායන කිරීමේ කටයුතු අද (09) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද ආරම්භ වන්නේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේයි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කරන අය දින 14 ක් අනිවාර්ය නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.
මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන්නේ නිරෝගී පුද්ගලයින් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් අනිවාර්යෙන්ම රෝහල්ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.