ඉතාලි අගමැති ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉතාලියේ අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටෙ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඉතාලි රජය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හමුවේ විවිධ පක්ෂ වෙන්ව යාමට පටන් ගෙන තිබූ වාතාවරණයක් තුළ මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත

මේ වන විට කොවිඩ් උවදුර නිසා ඉතාලියේ මරණය ට පත්වූ සංඛ්‍යාව අසූ පන්දහස ඉක්මවා ඇති බවට සඳහන් වේ.

කෙසේවෙතත් නව සභාග රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා කටයුතු කරනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

කොන්ටේ මහතා ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා හමුව ඇති අතර ඉතාලි ජනපතිවරයා ශක්තිමත් රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා ගේ සහාය පැතීමට ඉඩ පවතින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.