ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එරට ඇඟලුම් කර්මාන්තයේ රැකියාවල නියුතු මෙම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී දිවයිනට පැමිණීමට නියමිතය.
ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ මෙරට රජය සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදාගැනීමට හැකිවී ඇත.
ශ්‍රී ලාංකිකයන් ඇතුළු තවත් විදේශිකයන් පිරිසක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.
ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය පසුගිය 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබුණි.