ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙල කල්දමයි

Picture of අසංක

අසංක

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ලබන වසර , එනම් 2021 වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්වයන් මත මෙම තීරණය ගත් බව කමිටුව ප්‍රකාශ කර සිටී.

එම උළෙල ආරම්භවීමට නියමිතව තිබුයේ ලබන ජුලි මස 24 දිනය.

මෙවර ඔලිම්පික් උළෙලට මහා බි‍්‍රතාන්‍යය සහභාගී නොවන බව එරට ඔලිම්පික් සංගමය ඊයේ දැනුම් දුන් අතර ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාවද මීට පෙර ඒ බව ඔලිම්පික් කමිටුව වෙත දැනුම්දී තිබිණ


වසර 124 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දැමූ පළමු අවස්ථාව ද මෙය වේ .