ඉතිහාසයේ පළමු වතාවට ජනපතිවරු තිදෙනෙක් මැතිසබයේ එක පෙළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙක් සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.

2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත්තේය. ඒ සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එහි වූහ.

ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා අවස්ථා දෙකක දී ජනාධිපතිධූරය හෙබවීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ සිට 2019 වසර දක්වා ජනාධිපති ධූරය හෙබවූයේ ය.