ශ්‍රි ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් 830ක් පමණ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබු විදෙස් යාත්‍රාවක රුපියල් කෝටි 1250කට අධික වටිනාකමින් යුතු (කොකේන් කිලෝ 500/ අයිස් කිලෝ 500) අධික ප්‍රමණයක් අද දිනයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය. මෙම යාත්‍රාව හෙට දිනයේදී දික්ඔවිට වරායට ගෙන ඒමට නියමිතව තිබේ. අදාල නෞකාව පිළිබද විසිතර ඉදිරියේදී ලබා දෙන බව හෙතම සදහන් කළේය. මෙම යාත්‍රාවේ සිටි සියලුම පුද්ගලයන් විදේශිකයන් බව හෙතම කියා සිටියේය. ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය මෙය වේ. නාවික හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.