ගෙවුණු වසරේ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් මුද්‍රණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
මීට පෙර මෙතරම් මුදලක් මෙරට තුළ මුද්‍රණය කර නැතැයි ද ඔහු කියා සිටී.
මේ තත්ත්වයට මුළු ලෝකයම මුහුණ දී ඇති බවත් එසේ නොකළේ නම් මීටත් වඩා අර්බුදයකට යාමට ඉඩ තිබූ බව ද ඔහු කියාසිටී.
රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී අජිත් නිවාඩ් කබ්රාල් කියාසිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනට මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය අඩු කරමින් සිටින බවත්ය.