ඉතිහාස‍යේ ළාබාළතම රන්පදක්කම් ලාභියෙක් ටෝකියෝ ඔලිම්පික්හිදී

Picture of අසංක

අසංක

ඔලිම්පික් ඉතිහාසයේ ලාබාලතම රන් පදක්කම්ලාභීන්ගෙන් අයකු ලෙස අද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා වීදි ස්කේට්බෝර්ඩ් ඉසව්ව දිනාගත් ජපානයේ නවයොවුන් වියේ පසුවන නිෂියා මොමිජි වාර්තාගත විය.

ඇගේ වයස අවුරුදු 13 කි.

මෙතෙක් කල් මෙම වාර්තාවට හිමිකම් කීවේ 1936 දී බර්ලින් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ඇමරිකානු කාන්තා කිමිදුම්කරු මාර්ජෝරි ගෙස්ට්‍රිං ය. ඇය එම වාර්තාවට හිමිකම් කියන විට ඇගේ වයස ද අවුරුදු 13 යි දින 267 කි.

පිරිමි වීදි ස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම ජපානයේ සෙසු ක්‍රීඩක යූටෝ හොරිගෝම් විසින් දිනා ගැනීමෙන් දිනකට පසුව මොමිජිගේ ජයග්‍රහණය ලැබීම ද සුවිශේෂී සිද්ධියකි.

රිදී පදක්කම්ලාභියා වූයේ තවත් 13 හැවිරිදි බ්‍රසීලියානු තරුවක් වන රේසා ලීල් ය. 16 හැවිරිදි ජපානයේ ෆූනා නකයාමා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

 

Momiji Nishiya