නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ඉදිකිරීම් අංශයේ පසුබැස්මක්

අසංක

අසංක

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 31.9ක් දක්වා පහත වැටීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව කියයි.

මෙමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම් පෙර මාසයට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කරයි.

මහබැංකුව කරන ලද සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ පරිදි, දීර්ඝ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් මෙම මාසය තුළ තාවකාලිකව වසා දැමීම මෙම පසුබැසීමට හේතු වී ඇත.

නව ඇණවුම් පහත වැටීම සඳහා අප්‍රේල් මාසයේ වැඩ කරන දින ප්‍රමාණය අඩු වීම හේතු විය.

කෙසේ වෙතත්, බොහෝ ප්‍රතිචාර දැක්වූවන්ගේ මතය වූයේ ටෙන්ඩර් අවස්ථා ක්‍රමයෙන් වැඩිවන ප්‍රවණතාවය ඉදිරි මාසවලදී ද පවතිනු ඇති බවයි.

තවද, වෙළඳපොළ තුළ පවතින ඉහළ තරගකාරීත්වය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම් පහත වැටීම හා සමගාමීව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් මෙම මාසය තුළ දී පහළ යන ලදී.

තවද, මිල මට්ටම්වල පහත වැටීමේ ප්‍රවණතාවය අප්‍රේල් මාසය තුළ දී ද පෙන්නුම් කරයි. මේ අතර, මෙම මාසය තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යන ලදී.

එළඹෙන මාස තුන තුළ ඉදිකිරීම් කටයුතු සඳහා වන ඉදිරි දැක්ම යහපත් වන අතර, මෙයට ප්‍රධාන වශයෙන් නව ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඇති ඉහළ අපේක්ෂා හේතු විය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)