ඉදිරි දිනවලදී මි.මී.75 වැඩි වර්ෂාපතනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019 මැයි මස 20 වන දින මධ්‍යහන 12 නිකුත් කරන ලද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ විද්‍යා අනාවැකිය.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.