ඉදිරි මාස 03 සදහා ජනාධිපතිගෙන් භාණ්ඩාගාර ලේකම්ට අධිකාරි බලයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි මාස 03 ක කාලයක් සදහා 
(2020 මාර්තු 06)  සිට  මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06දා) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

මේ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.