ඉදිරි සති අවදානම් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
අවුරුදු සමයේ ඇතැම් පිරිස්  සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී කොරෝනා රෝගීන්ගේ යම් කිසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටී .
ඒ අනුව ඉදිරි සති කිහිපය තුල වඩාත් ප්‍රවේශම් සහගතව , සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ  ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී .
සෙනග ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් , නිවසෙන් බැහැරට යන සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .