ඉදිරි සිව් වසර ඇතුලත ශ්‍රී ලංකාවත් තෙල් නිපදවන රටවල් අතරට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි වසර 04 ඇතුළත ලෝකයේ , තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා . අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය .

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

තවත් සති දෙකකින් පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාව සතු ඛනිජ තෙල් කැනීම් කටයුතු ආරම්භ කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය .

ඉන්ධන මිල ඉහළ යනවිට ශ්‍රී ලංකාව වැනි රටවල් දුකට පත් වුවද ඛනිජ තෙල් සම්පත හිමි අරාබි රටවල් ඉන් සතුටට පත්වන බව මෙහිදී  පෙන්වා දුන්  ඇමතිවරයා  ඉදිරියේදී ශ්‍රී ලංකාවද ඉන්ධන මිල ඉහළ යනවිට සතුටට පත්වන රටක් බවට පත්කරන බව පැවසීය ..